වාස්තු දෝෂ ගැන හරි හරියටම දැන්ගෙන ඒවාට පිලි පිළියම් කරන්න. ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රුක්ෂාන් ජයසේකර


වාස්තු දොස ඔනෑම නිවසක තිබෙනවා. වාස්තු දොස නිවරෑදි නොකලොත් ගෙදරට බුත දොස බහිරව දොස ඉඩම තුල බලවත් වෙනවා කියලා අපේ පෑරන්නන් කියලා තිබෙනවා.  අපි කල යුත්තේ එම දොස  නෑතිවන ආකාරයට නිවස සද ගෑනිම ලන්කාවේ මෙ සදහා නිවරදි දනුමක් ඈති කෙනෙකුගෙන් එම දනුම ලබ ගත යුතුය.

නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටටයයි
නිවසක අලංකාරයටත් හොඳ වාතාශ්රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල් අවශ්ය වේ. දොර ජනෙල් නිසි ප්රමිතියෙන් මෙන්ම වාස්තු විද්යාත්මක දෝෂ වලින්  තොරව නිවැරදිව ස්ථාන ගත වු කල ලද හැකි ශුභ ඵල එමටය. දොර ජනෙල් නිර්මාණය සඳහා මෙන්ම නිවසක අනෙකුත් දැව අවශ්යතා සඳහා භාවිතා වන දැව  පන්ති වර්ගීකරණයක්ද වේ.
ඒ ඒ පන්තියට අදාළ දැව වර්ග
අධි සුඛෝපභෝගී පන්තිය      - නැඳුන්, කලුවර ,තේක්ක

සුඛෝපභෝගී පන්තිය          - මැහෝගනී,බුරුත,මිල්ල, හල්ම්ල්ල

අධි විශේෂ පන්තිය           -කොස්,සුරියමාර,ගම්මාලු,කොලොන්,වෑවරණ

පළමුවැනි පන්තිය                - මුනමල් .සයිප්රස් . හොර, කැටකෑල, මී,
                                             සෙවනමාර, කෝන්, හැඩවක.                                                        යුකැලිප්ටස්, පානක්ක, උබ්බේරිය, කිරිනැබිලිය,                                                 මාදං, හල්මැන්ඩෝරා, පත්කෑල, නෙරලු,                                                  හැලඹ

දෙවැනි පන්තිය                   -කීන, ඇහැල, දවට, ගිනිසපු,ඇත්දෙමට,
                                                 ගොඩපර, දුනුමඩල, කිරි කෝං,අලුබෝ
                                                 දවල්කුරුඳු, රතටිය,පනුදත්,තිඹිරි, ටූනා
                            දොරණ, කරව්,මිහිරිය, දාඹු. කිරිපෙද්ද,
                            කොස් ගොන්න, තලං, වැලිපැන්න,
                             පනාමොර,නිත්තඇට

තුන්වැනි පන්තිය                -ඉහත කාණ්ඩ 5ට වර්ග කර නොමැති
                           සියලුම දැව වර්ග.උක්ත ලී වර්ග
                           අතුරින් දොර ජනෙල්    සඳහා  හොඳින්
                           මේරු අරටුව සහිත මිල්ල, හල්මිල්ල,
                           කොස්,  බුරුත තේක්ක ගිනිසපු ආදී දැව සුදුසුය.


නිවාස කටයුතු සඳහා දැව ලබා ගැනීමේදී පුරාණයේ සලකා බැලු කරුණු

  • දැව සඳහා ගසක් කපාගත යුත්තේ තෙතමනය අඩුව කඳ වියළිව පවතින ගෙඩි හා කොල අඩු  කාලවලය. මෙහිදී ගස කැපුවේ පලමුව ගසේ අතු ඉවත් කිරීමෙන් පසුය. ගස කැපීමෙන් පසු වැටීමේදී අරටුවට හානි නොවන්නට මෙසේ අතු ඉවත් කෙරිණි.එමෙන්ම කුඩා ගස් විනාශවිම වැලකීම ද මෙහි අරමුණයි.


  • අටවිසි බුදුන් පිටදුන් පුජනීය ගස්, සොහොන් වල තිබෙන ගස්.සර්පයින්.පක්ෂින්.සතුන් ලගින ගස්, ගින්නෙන් පිලිස්සුන් ගස්,මැරුණු ගස්,පුජනීය ස්ථානවල පිහිටි ගස්, බෙන,කැපුම්, පැලම් වැනි කඩතොලු සහිත ගස් නිවාස කටයුතු සඳහා යොදා නොගනී.


  • ගස් කැපීම හිරු,මිථුන, කන්යා,ධනු,මීන, යන උභය රාශි ඇති කාලයේ කරුවල දින වල සිදුවුනි. එනම් කෝණ මාසවල අමාවක දිනයන්හිදීය.

හිරු -  සිංහ හා මකර රාශිවල ගත කරන කාලය ගස් කැපීම සඳහා යොදා නොගනී. ඒ ගින්නෙන් හානි වේ යන බියෙනි.

 නිවාස කටයුතු සඳහා ගස් කැපීමට යෝග්ය නැකැත් ලෙස මුවසිරස,පුනාවස.අනුර.හත, මුල.උත්රසල,උත්රපුටුප,උත්රසල්, සා.සුවන යන නැකැත් ද වෙයි. කළුවර කාලයේ රේවතී සහ රෙහෙන යන නැකැත් යෙදුන තත්කාල කේන්ද්රයේ බ්රහස්පතී ලග්න ගතව තුදුස්වක තිථිය උදාවු කල ගස් කැපීම ඉතා ශුභය. නිවසකට ඒක වර්ගයක දෙවර්ගයක හෝතුන් වර්ගයක දැව භාවිත කළ හැක. එහෙත් වාස්තු විද්යාත්මකව වඩාත්ම සුදුසු වන්නේ එකම වර්ගයක දැව භාවිතයය. එය ශල්ය දෝෂ මග හැරීමට හේතුය.

යම් ලෙසකින් වර්ග 2ක දැව භාවිතය  මධ්යම ප්රතිඵල  ගෙනදීමට හේතුවන අතර වර්ග 3ක දැව භාවිතය ඉතාම සාමාන්ය ප්රතිඵල ගෙනදේ. කෙසේ වෙතත් ගස් කපා ගත් දිනම  කුට්ටි නොකර දින 15ක් පමණ ජලයේ ගිල්වා කෘමින්ගෙන්,ගුල්ලන්ගෙන් හා පනුවන්ගෙන් වන හානිය අවම කරගත යුතුය. ඊට පසු ඉරාගත් දැව පුපුරායෑම හා ඇදවීම වලකනු පිණිස පදම්කර ගත යුතුය.
දැව පදම්කර ගැනීම ක්රමානුකූලව, හිරු එළිය එක එල්ලේ නොවැටෙන හොඳින් වාතාශ්රය ලැබෙන ස්ථානයක සිදුකළ යුතුය. සාමාන්යයෙන් මාස 4ක් වත් නොතෙමී ලීවල තෙතමනයද රැකගනිමින් ලී පදම් කරගත යුතුය.
නිවාසක දොර උළුවසු  ඔත්තේ ය - ජනෙල්  ඉරට්ටේය.

දොර උළුවස්ස හා ජනෙල් උළුවස්ස සැදීමේදී ඊට යොදාගන්න දැව කඳේ මුල ප්රදේශය උළුවස්සේ පහලටත් අතු ප්රදේශය උළුවස්සේ ඉහළටත් සිටින සේ යොදාගත යුතුය. නිවසක දොර උළුවසු සංඛ්යාව ඔත්තේ විය යුතුය.
 එසේම නිවසක ජනෙල් සංඛ්යාව ඉරට්ටේ විය යුතුය .
මෙහිදී ජනේලයක් යනු තනි තනි ජනෙල් පියන් නොවේ. ජනෙල් පියන් කීපයක එකතුවකි. ඒසේම නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව ඔත්තේ විය යුතුය.
නමුත් නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව 17,19,29,39 ආදී ඔත්තේ සංඛ්යා වීම අශුභ බව වාස්තු මතයයි.
උළුවස්සක දිග පළල මැනීමේදී උළුවස්සේ පිටින් පිට දිග පළල ගත යුතුය. වාස්තු විද්යාත්මකව දොර හෝ ජනෙල් උළුවස්ස ලෙස ගණන් ගන්නේ දැව හෝ ලෝහමය රාමුවක් සහිත වු විටය. එලෙස සැදු ශෛලමය, දාරුමය හා ලෝහමය  දොර ජනෙල් වාස්තු විද්යාව අනුමත කරයි.  වාස්තු විද්යාවේදී දොර යනු දොර පියන නොව උළුවස්සයි.
උළුවස්සක් නොමැති කිසිදු පියනක් දොර පියනක් හෝ ජනෙල් පියනක් නොවේ. නිවසක ප්රධාන දොර මෙන්ම  සෙසු දොරවල්ද  දොර පියන් දෙකකින් යුත්ත වීම ඉතාම ශුභය. එවිට දොරේ සමබරතාව හොඳින් රැකේ.
දොර උළුවසු ජනෙල් උළුවසු වලට ඉහලින් අගල් 9යක පමණ උසට බීරලු, ලැටිස්, ලුවර් හෝ කැටයම් ලෑලි ආදිය භාවිත කරණු දැකිය හැක.
දුවිලි මෙන්ම මදුරුවන්, මෙරුන් වැනි කෘමී සතුන් ඒම වලකනු වස් වීදුරු හෝ  තුනී දැල් භාවිතය ද දැකිය හැක. මේවා යොදැනුයේ හොඳ ආලෝක තත්ත්වයක් හොඳ වාතාශ්රයක් ලබාගනු සඳහාය. තවද වාස්තු විද්යාව විකෘති හැඩැති දොර ජනෙල් උළුවසු භාවිතය අනුමත නොකරයි. එසේම දොර ජනෙල් ඉබේ විවෘත වීමත් ඉබේ වැසීමත් අසුබවන  අතර විවෘත කරන විටත් වසන විටත් කෙදිරිලි හඬ නැගීමත් අශුභය.
දොර ජනෙල් හි මුල ඇදවීම,  පියන් වක ගැසීම,ගෙතුලට හෝ පිටතට ඇලවීම, දොර ජනෙල් පමණට වඩා විශාල වූ විට කුඩා හෝ පළල් වීම යන කරුණු වාස්තු විද්යාත්මකව ඉතාම අශුභ සේ පිළිගැනේ.
නිවසේ මුල්ලකට කිසිදා කිසිදු දොරක් ජනේලයක් නොතබන්න. ඊට හේතුව එම ස්ථානවල මර්මස්ථාන පිහිටා තිබීමයි. දොර ජනෙල් තැබිය යුත්තේ මර්මස්ථාන වලට අසු නොවන සේ ශුභ පාද ගතවය. නන්දා, ඡයා,පුර්ණ වැනි පාද මේ සඳහා සුදුසුය.
 කිසිදු විටක නිවාස කටයුතු සඳහා පැරණි ,භාවිතාකළ දැව යොදා නොගන්න.
ප්රධාන උළුවස්ස  තබනුයේ නැකතකට වන අතර මොනම හේතුවක් නිසාවත් තැබු උළුවස්ස පොලවෙන් ඉහලට ඔසවනු නොලැබේ. උළුවසු පැනීමද ප්රධාන වඩුවා හෝ පෙදරේරුවා කළයුතු.
උළුවසු පැනීම බරපතල ලෙස වස් දොස් වදින ක්රියාවකි. කෙසේ වෙතත් උළුවසු  තැබීමත් උළුවසු පැනීමත් කාර්ය සිද්ධි යෝග සහිත බලගැන්වු නැකතින් සිදු කළ යුතුය.
 දොර පියන සවි කිරීමේදී එය දකුණු පසට විවෘත වන සේ විය යුතුය. නමුත් එය මුදුන් යට ලීය දෙසට විවෘත නොවිය යුතුය.  යම් උළුවස්සක උස වැඩිකර ගත යුත්තේ අගල්4 1/2 බැගින් බවද දැන යුතුය.
 නිවසක දොර උළුවසු වලට වඩා ජනෙල් උළුවසු ගණන වැඩිවිය යුතුය. දොර ජනෙල් උළුවසු ගණන් ගැනීමේදී ප්ලාස්ටික්  කොන්ක්රිට් දොර ජනෙල් උළුවසු ගණන් නොගනී .ජනෙල් උළුවසුත් අනෙක් දොර උළුවසුන් ප්රධාන දොර උළුවස්සට වඩා මිටි විය යුතුය.

ජනේලයකට යෙදිය යුතු උපරිම පියන් සංඛ්යාවද 4කි.ප්රධාන උළුවසු කඳටම අල්ලා දොර ජනෙල් යෙදීම ද අශුභය. එය නපුංශක ද්වාර ලෙස වාස්තු විද්යාවේ සඳහන් වේ.
නිවසක දොර ජනෙල් වැඩි වු තරමට ශුභය. එහෙත් එසේ දොර ජනෙල් වැඩිවිය යුතු වන්නේ නිවසේ වර්ග ඵලයෙන් හෙවත් ගෘහ පින්ඩයෙන් 10/1ක ප්රදේශයක් ආවරණය වන පරිදිය.
මහල් නිවසක් සැලකු කල මහල් දෙකේම දොරවල් ඔත්තේ විය යුතුය. ජනෙල් ඉරට්ටේ විය යුතුය. එසේම මහල් දෙකේම දොර ජනෙල් වල එකතුව  ඔත්තේ විය. යුතුය. මහල් නිවසක දොර ජනෙල්උළුවසු එක කෙළින් පිහිටීමද දොර ජනෙල් නිසි ප්රමිතියෙන් යුතුව නිවැරදිව සාදා නිවැරදිව තබා වාස්තු නොමැති නිවසක් නිර්මාණය කරගන්න. එය ඔබගේ සැපත සතුට සුරැකීමට හේතුය.

wasthu vidyawa in sri lanka,wasthu vidyawa sinhala,wasthu vidyawa in english,wasthu vidyawa sinhala books,wasthu vidyawa sinhalen,wasthu vidyawa for land,wasthu vidyawa app,wasthu vidyawa sri lanka,wasthu vidyawa,wasthu vidyawa book,wasthu vidyawa in sinhala,wasthu vidyawa,wasthu vidyawa ebook,wasthu vidyawa in sri lanka,wasthu vidyawa sinhala,wasthu vidyawa in english,wasthu vidyawa sinhala books,wasthu vidyawa sinhalen,wasthu vidyawa for land,wasthu vidyawa app,wasthu vidyawa sri lanka,wasthu vidyawa 2018,wasthu vidyawa book,wasthu vidyawa in sinhala,wasthu vidyawa 2019,wasthu vidyawa ebook,niwasa dosha 2018,wasthu vidyawa sinhala books,wasthu vidyawa sinhala pdf,wasthu rahas 2018,vastu for house sinhala,vastu vidya for home sinhala,wasthu vidyawa rahas,vastu vidya sinhala pdf,niwasa dosha,wasthu vidyawa sinhala books,wasthu vidyawa sinhala pdf,wasthu rahas,vastu for house sinhala,vastu vidya for home sinhala,wasthu vidyawa rahas,vastu vidya sinhala pdf
,වාස්තු විද්යාව,වාස්තු විද්යා පොත්,වාස්තු නිවාස,වාස්තු දෝෂ,නිවාස වාස්තු විද්යාව,වාස්තු විද්යාව pdf,වාස්තු විදයාව,වාස්තු විද්යා රහස්,වාස්තු විද් යාව,වාස්තු විද්යාව,වාස්තු විද්යා පොත්,වාස්තු නිවාස,වාස්තු දෝෂ,නිවාස වාස්තු විද්යාව,වාස්තු විද්යාව pdf,වාස්තු විදයාව,වාස්තු විද්යා රහස්,වාස්තු විද් යාව,වාස්තු දෝෂ,වාස්තු විදයාව,වාස්තු විද්යා රහස්,වාස්තු පුරුෂයා,වාස්තු විද්යාව pdf,වාස්තු නිවාස,වාස්තු විද්යා පොත්,නිවාස වාස්තු විද්යාව,වාස්තු විද් යාව,වාස්තු දෝෂ,වාස්තු විදයාව,වාස්තු විද්යා රහස්,වාස්තු පුරුෂයා,වාස්තු විද්යාව pdf,වාස්තු නිවාස,වාස්තු විද්යා පොත්,නිවාස වාස්තු විද්යාව,වාස්තු විද් යාව

Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname