සෙත්කවි ගැන යමක්

පාරමි දම් පුරා  මතු බුදු බව පතන
නාරන දෙවි තුමනි යුතුවන ගුණ ණුවන
භු ගහ දොස සමග බාධක පිස තොසින
අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින.

සෙත්කවි ගැන යමක්
චිරාත් කාලයක පටන් බෞද්ධ අපේ සිංහල සංස්කෘතිය තුල සෙත්කවි ශාස්ත්රය නමින් විෂයක් භාවිතව පවතී. ලෝකයේ රට රටවල බස්වහර දහස් ගණනක් භාවිතව පැවතුනත් ඒ සියල්ල අභිබවා සිංහල භාෂාව තුල භාවිතව පවතින සෙත් කවි ක්රමවේදය මගින් මිනිසුන්ට පැමිණෙන නොයෙකුත් දුක් කරදර - සිත් තැවුල් - රෝග පිඩා - ධනහානි - පවුල් අවුල් - සතුරු බලපෑම් ආදී කී නොකී බොහෝ දේවල් සමනය කර දීමේ හැකියාවක් මේ සෙත් කවි ශාස්ත්රය තුල පවතී.
සිංහල භාෂාවේ භාවිත ශක්ති අක්ෂර 112 ක් මිනිස් මුවගින් නිකුත් වේ. ඒවා යොදා ගෙන විශ්ව ශක්ති ධාරාවන් සකස් කිරීමටත් ඒ මගින් මානවයට පැමිණෙන නොයෙක් දුක් ගැහැට නිවාරණය කර ගැනීමටත් හැකියාවක් සලසන මේ සෙත් කවි ශාස්ත්රය “ශබ්ද විද්යාව”නමින් ප්රකට වේ.
 ශබ්ද විද්යාවෙහි ශක්තිය - බලය හා අනුහස් මැනවින් ප්රකට කර දෙන බුද්ධ කාලීන වූ පුජනීය නිබන්ධනය මහ පිරිත් පොතයි. එහි සඳහන් වන සූත්ර නිබන්ධන සියල්ලම එක් එක් ආකාරයේ අවශ්යතා වෙනුවෙන් සකස් කරන ලද බව එම සූත්රයන්හි ප්රාරම්භයන්හි සඳහන් කොට ඇත.
 බොහෝ පිරිත් සූත්රයන් ආරම්භ වන්නේ ඒවං මේ සුතං ........ ආදී පාඨය යොදා ගැනීමෙනි. එක්  සමයෙක් හි මා විසින් මෙසේ අසන ලදී යන අර්ථයෙන් යුක්ත වුවත් ඒවං යන පාඨය ඕං අක්ෂරය හා සමගාමී යෙදීමකි. එනම් මන්ත්ර නිබන්ධනයෙහිදී ශාස්ත්රෑන් වහන්සේලා බහුලව පරිහරණය කරන ලද ඕං අක්ෂරය වෙනුවට බුද්ධ කාලීනව භාවිතා කොට ඇත්තේ ඒවං යන යෙදුමයි.
පිරිත් සූත්ර වූ කලී බුද්ධ මන්ත්ර ලෙසට යොදා ගනු ලබන ශාන්ති කර්ම විශේෂයකි. සෙත්කවි නිර්මාණයන් තුලින්ද මේ ආකාර ශබ්ද නිර්මාණයන් සකස් කරනු ලබන අතර ඒවා මානවයාගේ කුදු මහත් ව්යසනයන් සමනය කර ලීමට භාවිතා කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර විස්තර ගෙන ඒමට 2018lagnapalapala.com අරඹා ඇත. ඔබට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගත බවට මෙයින් දන්වා සිටිමි.
සෙත් කවියක් යන්ත්රයක් බවට පත් කරවන මහා බලගතු

ශබ්ද විද්යා රහස්
ඈත අතීතයේ පටන්ම අපේ චිරාගත සම්ප්රදායක්ව පවතින ශාන්ති කර්ම වලදී අවශ්ය අයට යන්ත්රයක් සකස් කර දීම සාමාන්යය කටයුත්තකි. රෝග - අමනුෂ්ය - දුර්භික්ෂ ආදී තුන්බියක් පැවති අවස්ථා වලදී මෙන්ම ගමන් බිමන් - තරඟ - ජයග්රහණ - දියුණුව ආදී දහසකුත් එකක් වූ එදිනෙදා අවශ්යතාවන් උදෙසාද විවිධාකාරයේ යන්ත්ර පිළියෙල කරණු ලැබේ. සතුරන් පරාජය කිරීමට - යුද්ධය ජය ගැනීමට - ආර්ථික දියුණුවට මෙන්ම වශී ආකර්ෂණය ආදී නොයෙක් අවශ්යතාවන් සඳහා ද ඒ ඒ කටයුතු වලට මැනවැයි නිර්දේශ කරණ ලද යන්ත්ර පිළිබඳව පොත් පත් වල සඳහන් වේ. අවශ්යය කාරණාවට වඩාත්ම සුදුසු යැයි තීරණය කරනු ලබන යන්ත්රයක් පොත පතින් උපුටා ගෙන ඊට අදාළ මන්ත්ර තන්ත්ර ආදියෙන් ජීවම් කොට සුරයක් තුලට තැන්පත් කොට පැළඳීමට සැලැස්වීමෙන් බොහෝ දෙනා තම තමන්ගේ අභිප්රායන් ඉටු කර ගනිති.

විෂය මූලාශ්ර නොමැති වීම
අසවල් කාලයකදී අසවලා විසින් මේ යන්ත්රය නිර්මාණය කරන ලද්දේය වශයෙන් හෝ මෙබඳු වූ පිළිගත් ශාස්ත්රිය පදනමක් තුලින් මේවා නිර්මාණය කරන ලද්දේය වශයෙන් හෝ පුරාණ යන්ත්ර පිළිබඳව ශ්වාසනීයත්වයන් තහවුරු කර ගත හැකි කිසිම පෙරවදනක් හෝ සඳහන් නොවීම නිසා පුරාණ යන්ත්ර වල පවතින නිරවද්යතාවන් තහවුරු කර ගත හැකි කිසිදු ක්රමවේදයක් දක්නට නැත. මෙබඳු විෂය ධාරාවක යම්කිසි පදනමක් හෝ ඊට අදාල වූ නිර්මාණ කරණය පිළිබඳව ඉගැන්වීම් ක්රමයක් හෝ පැවතිය යුතු වුවත් නූතණ විද්යාව තුල නම් ඕනෑම නිර්මාණයක පදනම සපුරා විස්තර කොට දැක්වේ.

ගතානුගතිකව
පෙර  සඳහන් කරන ලද පරිදි යන්ත්ර නිර්මාණ කරණය පිළිබඳව කිසිම පොත පතක කිසිදු වගවිභාගයක් සඳහන් නොවේ. ඇතැම් පූර්වකාලීන යන්ත්ර නිර්මාණ කරුවන් විසින් සටහන් කොට තබන ලද යන්ත්ර එපරිද්දෙන්ම නැවත නැවත සකස්  කර දීම වූ කලී දැඩි ගතානුගතික වූ අවිද්යාත්මක ක්රමවේදයකි. යන්ත්රයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාණකරු විසින් අනුගමනය කරණු ලැබූ ක්රමවේදයන් අදාල කර්තව්යය හා කාර්ය සාධනය උදෙසා කවරාකාර වූ කාර්ය භාරයක් ඉටු කරණු ලබන්නේද වශයෙන් විද්යාත්මක පසුබිමක් තුල එහි සඳහන් විය යුතුය.එබන්දක් දක්නට නැත.
යන්ත්රයක් වශයෙන් පොත පතක හෝ වෙනත් පත්තිරුවක හෝ සටහන් කර තබන ලද යම් පිටපතක් වෙනත් වූ  තැනක නැවත පිටපතක් වශයෙන් ගැනීමේදී නොයෙකුත් අඩුළුහුඬුකම් සිදුවේ.  ඒවායේ අක්ෂර - ඉස්පිලි - පාපිලි - මහාප්රාණ - දීර්ඝ ස්වර උච්චාරණ ක්රම ආදී වශයෙන් බොහෝ ප්රභේදයන් භ්රමණය වේ.උදාහරණයක් වශයෙන් සලකතොත් ඕම් යන්න ඕං වශයෙන්ද “ශ” යන්න  ස හෝ ෂ යන්න වශයෙන් ද සටහන් විය හැකිය.
ශබ්ද විද්යාව තුල ශබ්ද නිබන්ධනයකදී ඉස්පිලි හා පාපිලි ආදී සෑම යෙදීමකදීම ඊට අදාළ වූ සංඛ්යාත්මක අගයන් හිමි වේ.ඒ ඉතා දළ වශයෙන් එක් උදාහරණයක් ගෙන සලකා බලමු.


               ක් + අ  = ක = 6 + 6 = 12 කි.
               ක් + ක් + අ = ඛ = 6 + 6 + 6 = 18 කි.
               ක් + අ + අ = කා = 6 + 6 +  6 = 18 කි.
               ක් + ක් + අ + අ = ඛා = 6 + 6 + 6 + 6 = 24 කි.
මිනිස් මුවින් නිකුත්  වන අප්රමාණ වූ ශබ්ද තරංගයන්හි ශක්ති ප්රමාණයන් ඉන්ද්ර ගුරුළු ශාස්ත්රයට අනුව  යෝනි කූට බවට පත් කෙරේ. සෙත්කවියක් හෝ මන්ත්රයක් හෝ වෙනත් ශබ්ද නිර්මාණයක ක්රියාකාරීත්වයන් තහවුරු කිරීම හා පාලනය කිරීම සඳහා මේ යෝනි කූට ක්රම යොදා ගනු ලැබේ. එම යෝනි කූට සතුරු - මිතුරු - වෛර වශයෙන් එකිනෙකට සංකලනය කරමින් ශබ්ද නිර්මාණ සකස් කරණු ලැබේ.
උදාහරණයක් වශයෙන් සලකතොත් බළල් යෝනියට අයත් වචනයකින් පරව මී යෝනියක් යෙදීම වස් බන්ධනයකි. එනම් බළලා සමඟ මීයා පරාග දෝෂයකි. මෙබඳු වූ ගණ යෝනි පිහිටුවා ගනිමින් යන්ත්රයක් තුල ස්වර - අක්ෂර ආරෝපණය කිරීම වූ කලී විශ්ව ශක්තිය පාලනය කිරීමේ ඉතා කාර්යක්ෂම හා සාර්ථක වූ විද්යාත්මක ක්රමවේදයකි.
පොදු වශයෙන් සකස් කරන ලද යම් මන්ත්රයක හෝ යන්ත්ර පිටපතක ඊට අදාළ අන්තර්ගතයන් නිවැරදිම කර ගැනීමට නම් ඒවා විභාග කොට බැලිය යුතුය. තවද වර්තමානයේ ජීවත් වන කෙනෙකුගේ ඉතා රහස්යය වූ යම් අවශ්යතාවක් ඉලක්කයටම ඉටු කර ගැනීම සඳහා වඩාත්ම ගැලපෙන නිර්මාණයක් සකස් කර ගන්නේ කෙසේද?
අෂ්ට කර්ම හඳුනා ගැනීම        
අෂ්ට කර්ම වශයෙන් යන්ත්ර විද්යාවේ සීමාවන් නොහොත් කොටස් අටකට බෙදා දැක්වේ.
 1.  වශිය                                       5 . විද්වේෂණය
2. ආකර්ෂණය                              6. ස්ථම්බනය     
3. පේෂණය                                  7. උච්චාටනය
4. මෝහණය                                8. මාරණය
තේරුම
1. යම් කෙනෙකු තමන් කරා අවනත කර ගැනීම වශී කර්ම නම් වේ.
2. දුරස්ථ වූ යම් කෙනෙකු ගෙන්වා ගැනීම ආකර්ෂණය නම් වේ.
3 . රෝග පීඩා සුවපත් කිරීම පේෂණ කර්ම වේධය නම් වේ.
4 . යම් කෙනෙකු හෝ කණ්ඩායමක් රවට්ටා ගැනීම - මුලා කරවා ගැනීම මෝහණය   නම් වේ.
5. ඔවුනොවුන් වෛර කරවා වෙන්තුරස් කිරීම විද්වේෂණ නම් වේ.
6. දියුණුවක් - යහපතක් - පැවැත්මක් වලකාලීම ස්ථම්බන කර්ම වේධය වේ.
7. උන් තැන් වලින් පළවා හැරීම උච්චාටන කර්ම නම් වේ.
8. සාප ලද්ද වුන් වනසා දැමීම - විනාශ කිරීම - මාරණ කර්ම වේධ නම් වේ.
පොදු යන්ත්ර මන්ත්ර
එක් පුද්ගලයෙකු සඳහා වර්තමානය නියෝජනය කෙරෙන පරිදි යම් ශබ්ද ශාස්ත්රීය කටයුත්තක නිරත වීමේදී කෝටි සංඛ්යාත වූ පුරාණ නිර්මාණ තුලින් ඉතා සාර්ථකව යම්කිසි පිටිවහලක් ලබා ගත හැකිද යන්න විමසා බැලිය යුතුය. බොහෝ අත්දුටු අතීත අත්දැකීම් හේතුවෙන් යම් යහපතක් ඒ තුලින් සිදු වුවත් මතු අනාගතයේ මෙම විෂය කේෂේත්රයෙහි පැවැත්ම උදෙසා මේ ගතානුගතිකත්වය කොතෙක් දුරට ගැලපේද යන්න විමසා බැලිය යුතුය.
තඔ තහඩුවක හෝ තෝරා ගත් එබඳු ක්රමවේදයක් තුල අවිචාරාත්මකව එක් එක් අක්ෂර සටහන් කොට ජප කිරිම වැනි කටයුතු වල නිරත වීම වූ කලී නොදියුණු ගෝත්රික ජනතාවන් අතර පවත්නා අවිචාරශීලී පුරුදු වලට සමාන වේ . විද්යාත්මක චින්තනයට හුරු පුරුදු වන නුවණැත්තන් වශයෙන් ශබ්ද ශාස්ත්රීය නිර්මාණයක් සකස් කොට ඒ මඟින් තම කටයුත්ත ඉතා විද්යාත්මකව හා නිවැරදිව ඉටු කර ගන්නා ආකාරය උගත යුතුය.
සෙත්කවියක් ලිවීම
සෙත් කවියක් ලිවීමට පෙර ප්රථමයෙන්ම අදාළ ජන්මියාගේ කේන්ද්ර සටහන ගැඹුරින් පරීක්ෂා කල යුතුමය. එහිදී ජන්මියාගේ කේන්ද්රයට අනුව පාලක ග්රහයින් හඳුනාගත යුතු අතර ග්රහ ගෝචරය - දශානු දශා - බාධක හා අදාළ කාර්ය සාධනය උදෙසා ජන්මියා තුල පවත්නා වාසනා ගුණයද හඳුනා ගත යුතුය. ඊට පසු ඒ අනුසාරයෙන් පූර්ණ අවබෝධයකින් යුක්තව සෙත් කවිය සකස් කිරීමට කටයුතු යොදනු ලැබේ.
ග්රහයින්ගේ පාප ගති පාලනය කිරීම
යථෝක්ත ජන්මියාගේ කේන්ද්රයේ දුර්විපාක පමුණුවන අසුබ ග්රහයින්ගෙන් පීඩා පැමිණෙන අවස්ථාවක් නම් එහිදී අනිවාර්යෙන්ම ඔවුන්ගේ පාප ගති මැඩ පවත්වමින් අදාළ කාර්ය සඳහා යොමු විය යුතුය. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකුට තම වෙළඳසැලේ දියුණුව සලසා ගැනීමේ අටියෙන් සෙත් කවියක් සකස්කර ගැනීමට අවශ්ය වූ විට ජන්ම කේන්ද්රයේ ක්රියාකාරීත්වයන් නොවිමසා ඒ කටයුත්තට අත ගැසීම නිශ්පලය. අදාළ ජන්මියාගේ කේන්ද්රයේ දශා සාමිත්වයන් ලබා ඇත්තේ රාහු ග්රහයාට නම් එහිදී රාහුට අයත් අහස් ගණය ඉතා බහුළව යොදා ගනිමින් ඒවා වෙනත් ගණ යෝනි මඟින් පාලනය කිරීමට කටයුතු යෙදීම අනිවාර්යය වේ. සියළුම ග්රහයින්ගේ බලපෑම් සෑම කේන්ද්රයක් තුලම සක්රියව පවතින බැවින් කවිය තුල ගණ පෙළ ගැස්ම ඉතා සාර්ථකව තිබිය යුතුය. ලුණු - මිරිස් - තුනපහ - කුරුඳු - ගම්මිරිස් - කහ - කරපිංචා වශයෙන් සියල්ල සම්මිශ්රණය කොට හොද්ද රසවත් කර ගන්නා ආකාරයෙන් සෙත් කවියක අන්තර්ගතයන් ශක්තිමත් කර ගැනීමටද කවි කාරයා තුල හොඳ පරිණත බවක්  තිබිය යුතුය.
පාප කර්ම සංහාරය කිරීම
ඇතැම් කේන්ද්ර සටහන් වල බරපතල පාප කර්ම ක්රියාත්මක වන අවස්ථාවක් අපට දක්නට ලැබේ. ඉතා මෑතකදී මට හමු වූ මහත්මයෙකු කියා සිටියේ ඔහුට අයත් ඉතා ජනප්රිය හා ප්රසිද්ධ ව්යාපාර ආයතන කිපයක් තිබුණත් ණයතුරුස් බවින් හා නොයෙක් රෝග පීඩා වලින් ද තමන් අන්ත දුක් කරදර විඳින බවය. ඔහු ඉදිරිපිට දීම අදාළ කේන්ද්ර සටහන අතට ගත් මා ටික වේලාවක් එය පරික්ෂා කොට බලා මහත්මයා කරුණා කරලා මට ඔබේ බිරිඳගේ කේන්ද්රය ලැබීමට සලස්වන්න කියා ඉල්ලා සිටියෙමි. වහාම ඔහු වාහනය කරා ගොස් එම කේන්ද්ර සටහනද ගෙනවිත් මට ඉදිරිපත් කලේය.
 එම මහත්මයාගේ කේන්ද්රයේ සත්වැන්න හා සත්වැන්න අධිපතියා ද දුබලය. ගුරු හා සිකුරු ග්රහයින් ද පීඩා වී සිටි අතර ඔවුන්ගේ අඹු සැමි ජීවිතය අන්තයටම එම කාලය තුල පිරිහුණු අවස්ථාවක් විය.
බිරිඳගේ කේන්ද්රය තුලද ඊට පිළිතුරු වශයෙන් තිබුණේ එම තත්වයන් සනාථ කරවන ග්රහ පිහිටීම් වේ. ඇය රූමත්ය. නමුත් ඇය බොහෝ අලස හා අකාර්යක්ෂම හා අකාරුණික කෙනෙකුද වූවාය. මේ නිසා මේ තත්වය තහවුරු කර දීමට මා උත්සාහ කළ විට ඒ මහත්මයා ප්රකාශ කලේ ඇය දැනටමත් තමන්ගෙන් ඉවත්ව ගොස් ඇති බවකි.
නමුත් මේ ජන්මියාට අවශ්ය වූයේ තමන්ගේ වෙළඳ ආයතන නැවත නඟා සිටුවා ගැනීමටය. විවාහ ජීවිතයක් බිඳ වැටී දරුවන් දෙදෙනෙකුගෙන් වෙන් වී සිටින සැමියෙකුට ඒවායින් ඉවත් වී සිටිමින් නැවත සාර්ථකත්වයකට ගමන් කළ හැකිද ? වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති බරපතල වූ ණය ගැති  භාවයෙන් අත් මිදීමට ඇති බලවත් අවශ්යතාව පිටුපස ඔහු තුල ඇත්තේ සදාකාලීක බන්ධනය වූ මහා පාප කර්මයකි.
එනම් ජන්මියාගේ මෙබඳු වූ පාප කර්ම පිළිසකර කිරීමට පෙර ඔහුගේ දියුණුව උදෙසා යමක් කිරීමට උත්සාහ කිරීම අනුවණ කමකි. මේ වූ කලි එක්තරා මූලික අවශ්යතාවක් සපුරා නොගෙන පවතින තත්වයෙන් නැඟී සිටීමට උත්සාහ කරන සාවද්යය තීරණයකි. දරු පවුලක් ලෙසින් ආදරය - සෙනෙහස හා ලිංගිකත්වය තුලින් ඉස්මතු වන සතුටක් සංහිඳියාවක් නොමැතිව ඒ සියල්ල අහිමි වූ පීඩිතයෙකුට ඒවායින් තොරව නැගී සිටීමේ ක්රම වේදයක් නිර්මාණය කළ නොහැකිය.
ඒ මහත්මයාගේ කේන්ද්රයට අනුව මුලින් පැවති දියුණුව බිඳ වැටීමේ මූලික ක්රියාදාමය ඇරඹී ඇත්තේ විවාහය තුලින්ය. අසමත් වූ ලිංගික ජීවිතයක් තුල බිරිදක් සමඟ අවශේෂව තවත් සතුරන් කීප දෙනෙකුම විය. එම තත්වයන් ඔහුගේ ආර්ථිකය තුල ඉවත් කළ නොහැකි බරපතල සතුරු කරදර බවට පත් වී ඇත.
රාහු ග්රහයාත් ගුරු හා සිකුරු ආදී ප්රධාන ශක්තිමත් කිරීම සඳහාත් මෙහිදී සෙත් කවියක් ලියා දීමද ඊට පසු ඒ සෙත් කවිය යන්ත්රයක් බවට පත් කොට විශේෂ යන්ත්රයක් වශයෙන් ගෙල පැලඳ වීමද ඉන් අනතුරුව සිදු විය.
මේ  ප්රතිකර්ම ඔහුගේ සියල්ලම යථා තත්වයට පත් කළ හැකි ක්රියාදාමයක් නොවේ. බරපතල වූ පාප කර්මයක් සමනය කිරීම සඳහා එක්තරා කාල සීමාවක් අවශ්යය වේ. ඒ සඳහා අනුගමනය කල යුතු පිළිවෙත් පෙළගැස්මක් සාදා ගත යුතුය. පියවරෙන් පියවර පුද්ගලයා යථා තත්වයට පත් වීම සිදු වීම සඳහා විශ්ව ශක්ති ලබා දීමේ ක්රියාදාමය සඳහා වසරක පමණ කාලයක් වුවද ගත විය හැකිය. නිධන් ගත වී ඇති බරපතල රෝගයක් මෙන් වූ පාප කර්මයක ක්රියාකාරීත්වයන් සපුරා ඉවත් කර ගැනීම ඊට පෙර තමන්ගේ ශක්තිදාමයන් සවිබල ගැන්විය යුතුය.
යන්ත්ර සකස් කිරීම
ඕනෑම යන්ත්ර රූප සටහනක් තුල මන්ත්රයක් හෝ පිරිත් සූත්රාංශයක් හෝ එක් පනස්විද ආකාර වූ ශක්ති අක්ෂරයන් හෝ සෙත් කවියක් හෝ සටහන් කළ හැකි වේ. සෙත් කවියකින් ලැබෙන ශබ්ද තරංග ශක්තිය යන්ත්රයක් තුලට කාවද්දා පැළඳ ගැනීමට සැලැස් වීම හා එම සෙත් කවිය අදාළ ජන්මියා ලවා කියවීමට සැලැස්වීමෙන් බරපතල පාප කර්ම දෝෂ පවා සමනය කළ හැකි වේ.
ගණ පිහිටු වීම
සෙත් කවියක ගණ පිහිටුවීම වූ කලී අති පාරිශුද්ධ  වූ ශබ්ද විද්යාත්මක ක්රියාවලියකි. ගුරුලා - බළලා - සිංහයා - දිවියා - නාගයා - මීයා - ඇතා සහ මුවාද වශයෙන් වචන වල සංඛ්යාත්මක අගයන් අනුව ඒවා යෝනි බවට හඳුනා ගැනේ.අටවිධ වූ මේ යෝනි ක්රමය භාරතයේ ඉගැන්වෙන සූත්ර ක්රමයකි.ඒවා හඳුනා ගැනීමේ පහසුව සඳහා සත්ව නාමයන්ට ආරෝපණය කොට දක්වා ඇත.
විරුද්ධ - අවිරුද්ධතා
මෙහිදී පළමු වචනය ගුරුලාට අයත් වූ විට දෙවන වචනය නාගයාට හිමි වීමෙන් එහි බරපතල දුෂ් සංයෝගයක් ඇති වේ. සතුරන් දෙදෙනෙකු සමඟි කරවීම සඳහා ඔවුන්ගේ පාප බලය මැඩ පැවැත්වීමට එබඳු යෝනි සංයෝග යෙදීම ශබ්ද විද්යා ක්රමවේදයකි. මේ පාප වෛර වූ සතුන් දෙදෙනෙකු එකට පරාගණය කොට කවියක් තුල ආරෝපණය කිරීම ගණ පිහිටු වීම වශයෙන් හඳුනා ගැනේ. රවි - චන්ද්ර - කුජ - බුධ - ගුරු - ශුක්ර - ශනි හා රාහු ආදී අට විද ග්රහයින්ගේ පාප ස්වභාවයන් පාලනය කොට විශ්ව ධාරාවන් නිදොස් කරලීම සඳහා සෙත් කවිය ඉමහත් වූ ආශිර්වාදයකි.

සෙත් කවියක් යන්ත්රයක් බවට පත් කිරීම
සෙත් කවියකින් යන්ත්රයක් පිළියෙල කිරීම යන කාරණාව පිළිබඳව සමාජය තුල නිසි අවබෝධයක් නැත. සෙත්කවි සකස් කිරීම යනු ශබ්ද ශාස්ත්රය තුල පවත්නා ගැඹුරු ජෝතිෂ්යය ක්රමවේදයකි. යන්ත්ර සකස් කිරීම යනු ඊට වඩා බොහෝ වෙනස් ආකාර ක්රියාවලියක් වන අතර මේ විෂයයන් දෙකම සම්පිණ්ඩණය කොට නිර්මාණය වන පුළුල් විෂය අන්තර්ගතයක් තුල ඉහත සඳහන් ක්රියාවලිය  පවතින බවට මෙහිදී අවබෝධ කර ගත යුතුය. දීර්ඝ කාලීන වූ අත්දැකීම් රාශියක් සමඟ ප්රත්යක්ෂයෙන්ම විෂයානුගත පරිණත බවක් ගොඩනඟා ගැනීමේ ප්රතිපලයක් ලෙසට මේ තත්වය සමාජය තුල දැනුවත් කිරීමටත් ඒ වෙනුවෙන් අනාගත පරපුරක් ගොඩනැඟීමට කාලය එලඹ ඇති බවට අප තීරණය කළෙමු.
බුදුගුණ යන්ත්ර පිළිබඳව යම් දැනීමක්
මහ පිරිත් පොතට අතුලත් සූත්ර නිධාන මඟින් දහස් සංඛ්යාත වූ යන්ත්ර සකස් කළ හැකිය. ඒවායින් බොහෝමයක් තිර ප්රසිද්ධියට ද පත්ව ඇත. විසාලා මහනුවර එකල පැවති රෝග - අමනුෂ්ය - දුර්භික්ෂ වශයෙන් ප්රචලිත වූ මහා ව්යසන අවස්ථාවකදී බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ රතන සූත්රයෙන් පමණක් යන්ත්ර 18 ක් හෝ ඊට වැඩි ගණනක් සකස් කෙරේ. මහ පිරිත් පොතේ පවා සඳහන් වන ඉන් එක් යන්ත්රයක් ඔබේ දැන ගැනීම සඳහා පහත පල කරමි.
රතන යන්ත්රය අංක 1
දිග අතට කොටු 6 ක්ද පහතට කොටු 3 ක් වශයෙන් යන්ත්ර ශාස්ත්රයට අනුව තඹ තහඩුවක ගැබ් 18 ක් පිහිටුවා ගෙන එක ගැබක එක ශබ්ද සංඛ්යාවක් බැගින් පහත සඳහන් ගාථාව ප්රස්ථාර කර ගන්න.
ගාථාව
යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තූ අථොපි සක්කච්ච සුණන්තු භාසිතං











සෙත්කවි, සෙත්කවි, සෙත්කවි,seth kavi mp3,seth kavi bana,seth kavi pdf,seth kavi new,seth kavi lyrics,seth kavi lanka,seth kavi bana download,seth kavi sugayanaya,seth kavi 2,seth kavi 2 mp3,seth kavi,seth kavi audio,shruti seth and kavi shastri,seth kavi book,buddhist seth kavi,seth kavi.com,seth kavi download,seth kavi song download,sirasa fm seth kavi download,singha fm seth kavi download,sinhala seth kavi free download,derana seth kavi mp3,manakandure pannasara himi seth kavi download,seth kavi sinhala,seth kavi free download,seth kavi fm derana,seth kavi free mp3,seth kavi neth fm,sinhala seth kavi mp3 free download,derana seth kavi mp3 free download,seth kavi ha seth pirith,kavi seth j thomas,seth kavi kavi bana,seth kavi sri lanka,seth kavi manakandure pannasara,seth kavi bana mp3,kiribathgoda gnanananda seth kavi mp3,seth pirith kavi,seth kavi sinhala download,seth shanthi kavi,sinhala seth kavi mp3,sirasa seth kavi,seth kavi youtube,seth kavi 1,seth kavi 2019,seth kavi 2018,seth kavi 3,seth kavi bana download,seth kavi 3,derana seth kavi,seth kavi sugayanaya,seth kavi bana mp3,seth kavi pdf,seth kavi 2 mp3,seth kavi mp3 download,seth kawi mp3,seth kavi,seth kavi bana,seth kavi pdf,seth kavi new,seth kavi lyrics,seth kavi lanka,seth kavi bana download,seth kavi 3,seth kavi 2,seth kawi,seth kavi 2 mp3,seth kavi audio,seth kavi book,buduguna seth kavi,buddhist seth kavi,bodhi pooja seth kavi,seth kavi download,seth kavi mp3 download,seth kavi free download,derana seth kavi,seth kavi free mp3 download,seth kavi ha seth pirith,seth kavi kavi bana,kataragama deviyo seth kavi,kiribathgoda gnanananda seth kavi mp3,seth kavi neth fm,new year seth kavi,seth kavi photos,manakandure pannasara seth kavi,pirith seth kavi,seth kavi sugayanaya,seth kavi song download,seth kavi sri lanka,seth kavi sinhala download,singha fm seth kavi,sinhala seth kavi free download,sirasa fm seth kavi,sinhala seth kavi mp3,sirasa fm seth kavi download,sirasa seth kavi,seth kavi 1,seth kavi 2018,seth kavi 2019,seth kavi mp3,seth kawi mp3,seth kavi,seth kavi bana,seth kavi pdf,seth kavi new,seth kavi lyrics,seth kavi lanka,seth kavi bana download,seth kavi 3,seth kavi 2,seth kawi,seth kavi 2 mp3,seth kavi audio,seth kavi book,buduguna seth kavi,buddhist seth kavi,bodhi pooja seth kavi,seth kavi download,seth kavi mp3 download,seth kavi free download,derana seth kavi,seth kavi free mp3 download,seth kavi ha seth pirith,seth kavi kavi bana,kataragama deviyo seth kavi,kiribathgoda gnanananda seth kavi mp3,seth kavi neth fm,new year seth kavi,seth kavi photos,manakandure pannasara seth kavi,pirith seth kavi,seth kavi sugayanaya,seth kavi song download,seth kavi sri lanka,seth kavi sinhala download,singha fm seth kavi,sinhala seth kavi free download,sirasa fm seth kavi,sinhala seth kavi mp3,sirasa fm seth kavi download,sirasa seth kavi,seth kavi 1,seth kavi 2019,seth kavi 2018,seth kavi mp3

Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname