2018 ජනවාරි මස 14 වන දා සිදුවන ප්‍රභල රවී මාරුව ඔබේ ලග්නයට කොහොමද? - ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රුක්ෂාන්

මේෂ ලග්නය-
කාලයක්‌ පැවති රෝගාබාධ වලින් සුවය ලැබෙන කාලයකි.මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. ඉහළ රැකියා හා රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදා වනු ඇත. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබ දායක වනු ඇත.
වෘෂභ ලග්නය-
ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි.රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. පැවති නඩු හබ වලින් පහසුවෙන් ජය ගත හැකිය.
මිථුන ලග්නය-
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතුවල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවධානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමඟියට බාදා ඇති වනු ඇත.
කටක ලග්නය-
හදිසි ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඔබට ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබෙන කාලයකි. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාර ද ලැබීමේ හැකියාව පවතී.
සිංහ ලග්නය-
ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය.තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරීහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.
කන්‍යා ලග්නය-
සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැඟීමට හැකිය.වා,පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත. පැවති රෝග වලින් සුවය ලැබේ. ශරීරය පැහැපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැයි ජයග්‍රහණ හිමි වන කාලයකි.
තුලා ලග්නය-
බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත.අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ.ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත.එදිනෙදා කටයුතු වලද යම් ආවේගශීලී තත්ත්වයක්‌ දක්‌නට ලැබේ.උසස්‌ කෙනකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය.සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකියි.
වෘශ්චික ලග්නය-
ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය,ධනය ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි.මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
ධනු ලග්නය-
මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත.බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට සුබ වෙයි.කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරු වලට ලක්‌විය හැකියි.සහෝදරයින්ට අසුබ වෙයි.
මකර ලග්නය-
විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුළ යම් පමණකට උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත.ශරීර සැප නොලැබීම හා ඔබ කාර්ය බහුල වීමට ඉඩ ඇත. සහෝදරයකුට යම් අපලතාවක්‌ පෙනේ. ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේ දොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.
කුම්භ ලග්නය-
මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගත නොහැකිය.ඥාතීන් සමග හිතවත්කම් ඉහළ යැමට හේතු වනු ඇත. ගැහැනු දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා.ආගමට දහමට නැඹුරු වන කාලයකි.ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමි වනු ඇත.
මීන ලග්නය-
මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනාගැනීමට අවස්‌ථා උදා වනු ඇත.අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි.විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර,තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය.පැවති රෝග සුව වන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.
Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname