2018 ජනවාරි මස 17 වන දා සිදුවන කුජ ග්‍රහයා වෘශ්චික රාශි ගතවීම ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේද?-ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රුක්ෂාන්

මේෂ ලග්නය-  
ඔබේ ලග්නයෙන් හත්වැන්නේ රවි ගමන් කරන කාලයක් බැවින් හවුල් වැඩකටයුතුවලදී තම තමන්ගේ විශ්වාසය පලුදු වීම් හා සිත් තැවුල්වලට භාජන වීමේ වැඩි බවක් මෙහිදී පෙන්නුම් කෙරේ.තම සහකරු හෝ සහකාරිය සමඟද මතභේද ආරවුල් ගොඩනැඟෙන කාලසීමාවකි.
වෘෂභ ලග්නය-
තම සතුරු කරදර මර්දනය වීමක් මෙහිදී පෙන්නුම් කරන මුත් උෂ්ණාධික රෝගයන්ට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි බවක් මෙහිදී පෙන්නුම් කෙරේ.කෙසේ නමුදු තමාගේ තත්ත්වය උසස්වීම්වලට ලක්වීමට ඉඩකඩ වැඩිය.
මිථුන ලග්නය-
අධ්‍යාපනය ලබන අයට මෙම කාලය යහපත් නොවනු ඇත.තම ආගම දහම කෙරෙහිද භක්තිය අඩුවන කාලයකි.හිතවත් අයගෙන් තරමක් දුරට දුරස්වීම්වලට ලක්වන කාලසීමාවක් බවත් උත්සාහයේ තරමට ප්‍රතිඵල නිශ්ඵල වේ.
කටක ලග්නය-
තම නිවාස දේපළ සම්බන්ධව විවිධ ප්‍රශ්න,ගැටලු ඉස්මතු වීමට ඉඩ ඇති මුත් තම මවුපියන්ටද යහපත් කාලවකවානුවක් නොවනු ඇත.තමාගේ රැකියාවේද ප්‍රශ්න මතුවීමට ඉඩකඩ වැඩි අතර මෙහිදී මානසික ප්‍රශ්නද සිදුවනු ඇත.
සිංහ ලග්නය-
උසස් අයගෙන් ආධාර උපකාර ලබාගත හැකි කාලයකි.තමාගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමටද මෙම කාල වකවානුව සුබදායක වන අතර අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමටද හොඳ කාලයකි.
කන්‍යා ලග්නය-
මෙම කාලය තුළ අධික විය පැහැදම් හා ආර්ථික වශයෙන් විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවේ. තම සහකරු හෝ සහකාරිය සමඟද නිතර මත ගැටුම් ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්න ඉස්මතුවීමටද මෙම කාලය තුළ ඉඩකඩ වැඩිය.
තුලා ලග්නය-
මෙම අයට හිසේ අමාරු, ඇස් පෙනීමේ දුර්වලතාවන්ට ලක්වීමට වැඩි ඉඩකඩක් ඇති අතර තමාගේ පදිංචි ස්ථානයේ වෙනසක් වීමටද මෙම කාලසීමාව තුළ අහිතකර බලපෑම්වලට ලක්වීමටද ඉඩ ඇත.වංචාවලට හසුවන කාල සීමාවක් වශයෙන්ද කිව හැකිය.
වෘශ්චික ලග්නය-
අධික ලෙස තමාට විය පැහැදම් ගෙන දෙන කාල වකවානුවක් ලෙසට මෙම කාලය හැඳින්විය හැකිය. තම දූ දරුවන් නිසා සිත් තැවුල්වලට පත්වීම හා රත්පිත් වැනි රෝගයන්ට භාජන වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ.
ධනු ලග්නය-
මෙම කාලසීමාව තමාට කීර්ති ප්‍රශංසා සමාජයෙන් ගරුබුහුමන් ලැබීමට හේතුය.නවක හිතවතුන් උසස් අය ඇසුරු කිරීමටද විනෝද චාරිකාවන් වැනි ගමන් බිමන්වල යෙදීමටද යහපත් කාලයකි.
මකර ලග්නය-
තමාගේ ගේ ‍ෙදාර ඉඩකඩම් පිළිබඳ යම් තරමක වාසි සහගත දියුණුවක්,සහනයක් පෙන්නුම් කෙරේ.තම රැකියා කටයුතුවල යම් යම් අර්බුදකාරිතාවන් මතුවීමට ඉඩ ඇත.
කුම්භ ලග්නය-
මෙය යම් තරමක තමාට නින්දා අපකීර්තිවලට ලක්වීමේ ඉඩකඩ ඇති කාලයකි. විවිධ සම්බන්ධතා තුළින් ප්‍රශ්න,ගැටලු ඉස්මතු වීම සහ තමාගේ ආධ්‍යාත්මික ගුණ වගාවන්ට බාධා ගෙන දෙන කාලයකි.
මීන ලග්නය-
මානසික හා කායික සුවයට බාධා ගෙන දෙන කාලයකි.සතුරු කුමන්ත්‍රණ,අධික වියදම්, පාඩු සිදුවීමටද තම පියාට අහිතකර අපලකාරී කාලයක් ගෙන දීමේ ඉඩකඩද වැඩිය.රවි කුජ,සෙනසුරු,රාහු,කේතු යන ග්‍රහයන්ගේ මහ දශා හෝ අතුරු දශා ලබා ඇති අයට මෙම කාලය අසුබ වනු ඇත.
Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname