පොරොන්දම් බෑලිමෙදි නිවරෑදි ආකරය ගැන දැනගන්න

ඔබ සෑම සාදරයෙන් පිලිගනිමු.පොරොන්දම් බෑලිමෙදි නිවරෑදි ආකරයට පොරොන්දම් බෑලීම සදහා වෙබ් අවකශයේ ඈති එකම් වෙබ් අඩවිය අප වේ.
ජීවන ගමනේ දෙවැනි උපත ලෙස විවාහය සැලකෙයි. තවත් පරම්පරාවක්‌ විවාහයෙන් පසු සමාජයට දායාද වෙයි. පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක්‌ අරුතක්‌ සේම ඉන් යහපත් දූ දරුවන් පිරිසක්‌ ලොවට බිහිකිරීම ද සිදු වන්නේය. නිසි වයසට පත්වන යෞවන යෞවනියන්, කායික, මානසික තෘප්තියක්‌ ලබා ගුණගරුක සමාජයක්‌ ගොඩනැංවීම විවාහයේ පරමාර්ථය වන්නේය.
තරුණ වියට පත් දූ පුතුන්ට සුදුසු විවාහයක්‌ කරදීමේදී බොහොමයක්‌ දෙමාපියවරු ජ්‍යෙතිෂ නිගමනයන්ට අනුව, විවාහ පොරොන්දම් ගැළපීම කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරති. ඇතැම් ජ්‍යෙතිෂවේදීහු පොරොන්දම් විස්‌ස ගැන පමණක්‌ම සලකා බලා පලා පල විග්‍රහ කරති. විසි පොරොන්දමට අයත් වන්නේ නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දිර්ඝ, යෝනි, රාශි, ලග්න, චන්ද්‍ර රාශි, අධිපති, රඡ්ජු, වශ්‍ය, වේධ, වෘක්‌ෂ, ආයුෂ, පඤ්ච පක්‌ෂි, භූත, ගෝත්‍ර, වර්ණ ලිංග, දින, නාඩි සහ ග්‍රහ යන පොරොන්දම්වලටය.
දශ පොරොන්දමට ගැනෙන සඳු ග්‍රහයා මගින් වන නැකතකට අනුව ගණ, යෝනි, වෘක්‌ෂ, ලිංග, නාඩි, පක්‌ෂි, ගෝත්‍ර, වර්ණ, රඡ්ජු සහ භූත පොරොන්දම්ද, අෂ්ට කූටය, භෞම දෝෂ, සුදර්ශන ක්‍රම මගින්ද පොරොන්දම් ගැළපීමේදී සැලකිල්ලක්‌ දැක්‌වීම වඩාත් සුදුසු වන්නේය. කුජ දෝෂ සේම භෞම දෝෂ කෙරෙහිද අවධානය යොමු විය යුතුය. දෝෂ භංගවීම් දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රවල යෙදී තිබේ දැයි නිශ්චය කිරීමද මෙහිදී උචිතය.
දෙදෙනාගේ “නැකැත්” පොරොන්දම ගැළපේ නම් සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය, පවුලේ සමගිය, වාසනාවන්ත දරු ඵල, හිමිවන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී දෙදෙනාම එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායකයි. ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කරයි. ස්‌ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය රාක්‍ෂ ගණ වී නම් ඉතා අශුභ වන අතර, මරණය, ධන විනාශය ආදී ගැහැට සිදුවේ. යෝනි පොරොන්දම ගැළපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීම සේම ලිංගික සම්බන්ධතාද ඇති කරයි. වෘක්‍ෂ පොරොන්දමෙන් අපේක්‍ෂා කරන්නේ දරුවන් ගැනයි. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමට වැදගත් වෙයි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීමත් සිදුවෙයි. ලිංගික පොරොන්දම් පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැළපෙයි. නාඩි පොරොන්දමෙන් බැලෙන්නේ ලේ ධාතුවේ (දෙදෙනාගේ) ගැළපීමයි. නහර ශක්‌තියද මීට අදාළ වෙයි. දෙදෙනාම එකම නාඩි වීම ශුභ නැත. ලෙඩ රෝගවලට දරුවන් පවා භාජනය විය හැකිය.
බැලූ බැල්මට නැකැත් පොරොන්දම නොගැළපුණත් දෙදෙනාම එකම නැකත ඉපදී සිටියත් රාශි අධිපති, දින, ග්‍රහ, පොරොන්දම්වලට අයත් පොරොන්දම්ද විනිශ්චයේදී සැලකිල්ලට භාජනය වෙයි. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ වී නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වී තිබුණට එය භංග වේ. යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විමර්ශනය කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝගවීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම වැදගත් වෙයි. විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක්‌ සැලකිල්ලට ගැනීම නොසෑහේ. ග්‍රහ පොරොන්දම ගැන බැලීමේදී ස්‌ත්‍රියකගේ හඳහනේ ලග්න චන්ද්‍ර සිකුරුගෙන් 02 වැන්න, 07 වැන්න සහ 08 වැන්න යන ස්‌ථානවල, රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයින් සිටීම ශුභදායක නැත. මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න හිමියන් සුදුසුය. එසේම මේෂ, සිංහ, ධනු ලග්නවලට මිථුන, තුලා, කුම්භ ලග්නද ගැළපෙයි.
විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන්, කුජගෙන් පීඩා වන්නේ නම් අදාළ විවාහ දිවිය නිසරු වන්නේය. මේ අනුව කේන්ද්‍ර දෙකේ ගැළපීමද බැලිය යුත්තේය. යුග දිවියට පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු කරුණු බොහොමයකි. ග්‍රහ පොරොන්දම, ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම වටී.
ජාති භේද, ආගම්භේද, කුලභේද, ධනය, බලය, පරයා විවාහ වන උදවිය එමටය. එසේම ආලය ප්‍රේමය මුල් කරගෙන මේවා සිදුවේ. කොහොම නමුත් විවාහ වීමට පෙර ජ්‍යෙdතිෂ ක්‍රමවේද ගැනද සැලකිලිමත් වුවහොත් වාසනාවන්ත විවාහ ජීවිතයක්‌ ගත කළ හැකි බවට තර්කයක්‌ නැත. එසේම පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද නැත්තේ නොවේ.
ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයක්‌ සිදුවීමේදී එහිදී ඇති වන ශුභ අශුභ තත්ත්වයත් ගැන කලින් සොයා බැලීම සාර්ථක විවාහයකට පිටිවහලක්‌ වෙයි.
පොරොන්දම් ගැලපීම
පොරොන්දමක් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ ගැලපීම එකේ සිට තුන දක්වා (හෝ එකේ සිට පහ දක්වා) පරිමාණයකට සංඛ්‍යාත්මකව ගනනය කිරීමයි. අවසානයේදී බලනු ලබන පොරොන්දම් වල ගැලපීම එකතු කර පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනු ලැබේ. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙසද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි.
චන්ද්‍රයා
පොරොන්දම් ගැලපීමේදී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැලපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත.
පොරොන්දම් විස්ස
1.නක්ශත්‍ර පොරොන්දම
2.ගන පොරොන්දම
3.මහේන්ද්‍ර පොරොන්දම
4.ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
5.යෝනි පොරොන්දම
6.රාශි පොරොන්දම
7.රාශ්‍යාධිපති පොරොන්දම
8.වශ්‍ය පොරොන්දම
9.රජ්ජු පොරොන්දම
10.වේධ පොරොන්දම
11.වෘක්ශ පොරොන්දම
12.ආයුශ පොරොන්දම
13.පක්ශි පොරොන්දම
14.භූත පොරොන්දම
15.ගෝත්‍ර පොරොන්දම
16.වර්ණ පොරොන්දම
17.ලිංග පොරොන්දම
18.නාඩි පොරොන්දම
19.දින පොරොන්දම
20.ග්‍රහ පොරොන්දම
නක්ශත්‍ර පොරොන්දම
පුද්ගල සබඳතා, ජීවිත අරමුනු සහ ආකල්ප ගැන කියැවෙයි.අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස අද පුනාවස පුෂ අස්ලිස මා පුවපල් උත්‍රපල් හත සිත සා විසා අනුර දෙට මූල පුවසල උතුරුසල සුවන දෙනට සියාවස පුවපුටුප උත්‍රපුටුප රේවතී යන නැකත් 27 න් ජන්මියා උපන් නැකත පළමු නැකත ලෙස සලකා එම නැකතේ සිට පිළිවෙලින් 2 4 6 8 9 11 13 15 17 18 20 22 24 26 27 යන නැකත් වලට වැටේ නම් ශුභය උදාහරණ ලෙස ස්ත්‍රිය උපන් නැකත අස්විද නම් පුරුෂයා උපන් නැකත පුෂ නැකත නම් අස්විද නැකතේ සිට ගණන් කළ විට පුෂ නැකත 8 වන නැකතයි එසේනම් ශුභය මේ ආකාරයෙන් නැකැත් පොරොන්දම පරික්ෂා කරයි
ගන පොරොන්දම
පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි.
ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී,
1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්,
දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.
දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.
දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි
මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි
ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.
ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
තමන්ගේ සහකාරිය හෝ සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. නමුත් මෙහිදී "රාක්‌ෂ" යන්නෙන් අදහස්‌ වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි.

මහේන්ද්‍ර පොරොන්දම
මෙය විවිධ කරුනු ගැන කියන සංයුක්ත පොරොන්දමකි....
ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක්‌ වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි.
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇති වේද යන්න ගැන කියයි.
පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක්‌ දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.
ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ.
10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ.
14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ.

යෝනි පොරොන්දම
ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න ගැන කියයි.
ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබේ
මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.
එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.
එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.
එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.
මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.
අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.
ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.
දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.
දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.
දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.
එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.
එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.
රාශි පොරොන්දම
බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ.
මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ.
මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය.
දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි.
දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක්‌ උපන්නේ නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි.
මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස්‌ දෙකකි. ස්‌ත්‍රී රාශියක්‌ ස්‌ත්‍රියට, පුරුෂ රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි.
ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක්‌ පුරුෂයාට වී නම් අශුභයි.
දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.
රාශ්‍යාධිපති පොරොන්දම
බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.මෙම පොරොන්දමේදී රාශිය අදිපති ග්‍රහයන්ගේ සතුරු මිතුරු බව අනුව ශුභ අශුභ තීරණය වෙයි රාශි දොළහට අයත් අදිපතියන් මෙසේය
•මේෂ වෘශ්චික−කුජ
•වෘෂභ තුලා−සිකුරු
•මිතුන කනය−බුධ
•කටක−වන්ද්‍රයා
•සිංහ−රවී
•ධනූ මීන−ගුරු
•මකර කුම්භ−ශනි
උදාහරණ ලෙස ස්ත්‍රී උපන් රාශිය මකර වී පුරුෂයා උපන් රාශිය සිංහ වූයේ නම් මකර අදිපති ශනි හා සිංහ අදිපති රවී පරම සතුරන්ය එවිට අශුභය
•රවීට චන්ද්‍ර කුජ ගුරු මිතුරු වන අතර සිකුරු ශනි රාහු කේතු සතුරුය බුධ සමවේ
•වන්ද්‍රයාට රවී බුධ මිතුරු වන අතර රාහු කේතු සතුරුය අනෙක් ග්‍රහයෝ සමය
•කුජට රවී වන්ද්‍ර ගුරු මිතුරු වන අතර බුධ රාහු කේතු සතුරුය සිකුරු ශනි සමවේ
•බුධට රවී සිකුරු රාහු කේතු මිතුරු වන අතර වන්ද්‍රයා සතුරුය කුජ ගුරු ශනි සමය
•ගුරුට රවී චන්ද්‍ර කුජ මිතුරු වන අතර බුධ සිකුරු සතුරුය ශනි රාහු කේතු සමය
•සිකුරුට බුධ ශනි රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමයි
•ශනිට බුධ සිකුරු රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමය
මේ ආකාරයට රාශි අදීපතියන්ගේ සතුරු මිතුරුතා අනුව රාශි අදිපති පොරොන්දමේ සුභ අශුභ භාවය තීරනය වෙයි
වශ්‍ය පොරොන්දම
එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවේ.එකිනෙකට වෙශයවන රාශි තිබීම සශභය මෙසේ ගැලෙපන රාශින් මෙසේය
•මේෂයට සිංහ වෘශ්චික දෙකද
•වෘෂභයට කටක තුලා දෙකද
•මිතුනයට කනයාවද
•කටකයට වෘශ්චික ධනූ දෙකද
•සිංහයට තුලාවද
•කනයවට මීන මිතුන දෙකද
•තුලාවට මකර කනයා දෙකද
•වෘශ්චිකයට කවකයද
•ධනූවට මීනයද
•මකරයට මේෂ කුම්භ දෙකද
•කුම්භයට මේෂයද
•මීනයට මකරයද වෙශයවෙයි
එසේම මනුෂය රාශි මනුෂය රාශින්ටද සිවුපා රාශි සිවුපා රාශින්ටද ජලචර රාශි ජලචර රාශින්ටද වනචර රාශි වනචර රාශින්ටද කීට රාශි කීට රාශින්ටද වෙශයවෙයි වෙශයෙව්නම් ශුභය නොවේනම් අශුභය
රජ්ජු පොරොන්දම
මව ගැන කියැවෙයි.මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදනාගේම රජ්ජු එකම නම් අශුභය වෙනස් රජ්ජු නම් ශුභය

 වේධ පොරොන්දම
අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ නැකැත් දෙක එකිනෙකට වේධ වේනම් අශුභය එකිනෙකට වේද වන නැකැත් මෙසේය අස්විදයට දෙනටයද බෙරණයට අනුරයද කැති නැකතට විසා නැකතද රෙහෙනයට සා නැකතද අදයට සුවනයද පුනාවසයට උතුරුසලයද පුෂයට පුවසලයද අස්ලිසට මූලයද මා නැකතට රේවතී නැකතද පුවපල් නැකතට උත්‍රපුටුපයද උත්‍රපල් නැකතට පුවපුටුපයද හත නැකතට සියාවසයද වේධ වෙයි මීට අමතරව කුජට අයත් සිත මුවසිරස දෙනට නැකත් එකිනෙකට වේධ වේ
වෘක්ශ පොරොන්දම
දරු ඵල ගැන කියැවේ.
කිර වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වේනම් ඉක්මනින් හොද දරැවන් ලැබේ කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිගවේ
කිරිවෘක්ෂ නැකත්
පුෂ−බෝ
අස්ලිස−දෙඹ
මා−නුග
පුවපල්−කෑල
උත්‍රපල්−අරලිය
දෙට−වැටකේ
මූල−ඉඹුල්
උත්‍රසල−කොස්
සුවණ−වරා
පුවපුටුප−මී අඹ
රේවතී−මී
ආයුශ පොරොන්දම
මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශේෂය ඇති අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්‍රත්‍යක්ෂ වී ඇත. නැකැත් රාශි, රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීම ඇති තැන්වලදී මේ මතය බිඳ වැටී ඇත.
පක්ෂි පොරොන්දම
මයුර කුක්කුට පිංගල කාක හේරුණ්ඩ ආදී පක්ෂි 5ත් වෙයි දෙදනාගේම සතුරු පක්ෂින්ට අයත් නම් අශුභය උදාහරණ පිංගල(බකමූණා)+කාක(කපුටා) මිතුරු පක්ෂින් නම් ශුභය උදාහරණ කාක(කපුටා)+කුක්කුට(කුකුළා) මේ අනුව මයුර කුක්කුට හේරුණ්ඩ පක්ෂීන් පිංගල පක්ෂියාට සතුරුය කාක පක්ෂියාට හේරුණ්ඩ පිංගල පක්ෂින් සතුරුය හේරුණ්ඩ පක්ෂියාට පිංගල මයුර කුක්කුට පක්ෂින් සතුරුය
•හේරුණ්ඩ−රාජාලියා
•පිංගල−බකමූණා
•කාක−කපුටා
•කුක්කුට−කුකුළා
•මයුර−මොණරා

භූත පොරොන්දම
මෙහිදී පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ වශයෙන් භූතයන් 5කි ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම භුතයකට අයත් නම් ශුභය මීට අමතරව පඨවි ආපෝ ඉතා ශුශය අපෝ තේජෝ ඉතා අශුභය

ගෝත්‍ර පොරොන්දම
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම ගෝත්‍රයකට අයත් නම් අශුභය වෙනස් ගෝත්‍රයන්ට අයත් නම් ශුභය

වර්ණ පොරොන්දම
මෙම පොරොන්දමෙන් ජාතියේ වර්ණ තෝරා බේරා දීම සිදුවෙයි. ස්ත්‍රී පූරුෂ දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත්ය බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෙෙශය ශුද්‍ර පංචම සංකර ආදී වශයෙන් අතීත බ්‍රාහ්මණ යුගයේ පැවති කුල භේදය අසුරෙන් සැකසුන පොරොන්දමකි දෙදෙනාම සමකුල වීම යහපත්ය පුරුෂයා උසස් කුලයක වීමත් ස්ත්‍රිය පහත් කුලයක වීමත් ශුභය පුරුෂාධිපතය සංකල්පය හා කුල භේදය පෙන්වන පොරාන්දමකි ස්ත්‍රිය උසස් කුලයක වීමත් පුරුෂයා පහත් කුලයක වීමත් අශුභය

ලිංග පොරොන්දම
වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැලකේ. පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම සූදුසූ වේ.දෙදෙනාගේම ලිංග ස්ත්‍රී ලිංග වුවද ශුභය දෙදෙනාම පුරුෂ ලිංග නම් අශුභය දෙදනාම නපුංශකනම් ඒත් අශුභය මෙම පොරොන්දමෙන් ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන කියැවේ

නාඩි පොරොන්දම
රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවන් මෙයින් සලකා බලයි. ලේවල පිත්, සෙම සමතාව තුළින් නාඩි ගළපනූ ලබයි. අෂ්ඨකූට පරීකෂාවේදී වැඩිම සංඛ්‍යාව වන අට හිමිවන්නේ මෙයටයි.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම නාඩියට අයත් වීම අශුභය

දින පොරොන්දම
ස්ත්‍රිය හා පුරුෂයා උපන් දිනය මෙහිදී සැළකිල්ලට ගනී දෙදෙනා එකම දවසක උපන්නේ නම් සුභය උදාහරණ ලෙස දෙදෙනාම ඉරිදා දිනයක නම් සුභය ඒ අකාරයට සතියට අයත් දින හතෙන් එකම දිනයන දෙදෙනාම උපත ලබා ඇතිනම් ශුභය උපන් දිනයේ සිට 2 3 4 5 වැනි දිනයන් ශුභය උදාහරණ ලෙස ස්ත්‍රිය ඉරිදා උපත ලැබීනම් 2 වන දිනය වන සදුදා 3 වන දිනයවන අගහරුවාදා ආදීවශයෙන් පුරුෂයා උපත ලබා ඇත්නම් ශුභය 6වැනි හා 7 වැනි දින අශුභය

ග්‍රහ පොරොන්දම
ස්ත්‍රී කේන්දරයේ ලග්නයෙන් ද, චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් සත්වැන්නේ සහ අටවැන්නේ ද බලරහිත ග්‍රහයන් විශේෂයෙන් කුජ, රාහූ, ශනි වැනි පාපයන් සිටීමේදී ලග්නයේ බලරහිත පාප ග්‍රහයන් සිටීමද චන්ද්‍ර සිකුරු දෙදෙනා පාපග්‍රහයන් සමග සිටීම ද යන කරුණූ ස්ත්‍රී කේන්දරයේ තිබේ නම් පූරුෂයාට විවිධ කරදර මාරක බාධක දෝෂ පූරුෂ වියෝව ද ඇති කළ හැකියි.
මෙවැනිම තත්ත්වයක් පූරුෂ කේන්දරයේ යෙදේ නම් දෙපැත්ත සමබරවෙයි. දෙපැත්තටම මෙම කාරණාව පොදු වන අතර භාවස්ථූට, ග්‍රන්සථූට සහිත භාව කේන්ද්‍ර ක්‍රමයෙන් බැහැරව විනිශ්චය නොගත යූතුය.
අෂ්ඨකූටයට මූල්තැනදී ඒවා සූදුසූකම් අනෙක් පොරොන්දම් සමබරව තිබේ නම් ප්‍රමාණවත්ය. එහෙත් කවර තැනකදී වූව ද අවසන් තීරණයක් ගත යූත්තේ ග්රහ පොරොන්දම් නිසි ගැළපීම අනූවම වේ.

පොරොන්දම් ගැලපීම,පොරොන්දම් පරීක්ෂාව,පොරොන්දම් 20,විසි පොරොන්දම්,පොරොන්දම් බැලීම,යෝනි පොරොන්දම්,පොරොන්දම් ගැළපීම,යෝනි ගැලපීම,ඇතිනි යෝනි,පොරොන්දම් ගැලපීම,පොරොන්දම් පරීක්ෂාව,පොරොන්දම් 20,විසි පොරොන්දම්,පොරොන්දම් බැලීම,යෝනි පොරොන්දම්,පොරොන්දම් ගැළපීම,යෝනි ගැලපීම,ඇතිනි යෝනි,පොරොන්දම් ගැලපීම,පොරොන්දම් පරීක්ෂාව,පොරොන්දම් 20,විසි පොරොන්දම්,පොරොන්දම් බැලීම,යෝනි පොරොන්දම්,පොරොන්දම් ගැළපීම,යෝනි ගැලපීම,ඇතිනි යෝනි,නොමිලේ පොරොන්දම්,online පොරොන්දම් බැලීම,පොරොන්දම් ගැලපීම,පොරොන්දම් ගැළපීම,පොරොන්දම් 20,නොමිලේ පොරොන්දම්,online පොරොන්දම් බැලීම,පොරොන්දම් ගැලපීම,පොරොන්දම් ගැළපීම,පොරොන්දම් 20,porondam galapeema,20 porondam matching,horoscope matching free,porondam sinhala,porondam balima,porondam matching software free download,free online horoscope matching for marriage,mypartner lk horoscope matching,match horoscope by date of birth,porondam galapeema,20 porondam matching,horoscope matching free,porondam sinhala,porondam balima,porondam matching software free download,free online horoscope matching for marriage,mypartnerlk horoscope matching,match horoscope by date of birth

Share on Google Plus

About Admin

8 comments:

  1. Sir Mata welawal dekak thiyenawa balaganna puluwan da

    ReplyDelete
  2. ග්‍රහ පොරොන්දම අසුභ නම් එම විවාහය හරියන්නේ නැද්ද

    ReplyDelete
  3. යෝනි පොරොන්දම අශුභ නම් විවාහයට නුසුදුසු ද

    ReplyDelete
  4. යෝනි පොරොන්දම අශුභ නම් විවාහයට නුසුදුසු ද

    ReplyDelete
  5. පක්ෂියා අසුබ නම් විවාහයට හොද නැද්ද??

    ReplyDelete
  6. පිරිමි කෙනාගේ පක්ෂියා රාජාලියා වෙලා ගැහැණු කෙනාගේ මොණර උනොත් ඇයි අසුබ??

    ReplyDelete
  7. පුළුවන් ද උත්තර දෙන්න

    ReplyDelete

Comments system

Disqus Shortname