2017 දෙසැ.16 සිදුවන රවී මාරුව ඔබේ ලග්නයට කෙසේද - රුක්ෂාන් ජයසේකර Ravi Transit By Rukshan Jayasekara

මේෂ ලග්නය
ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය.මේ කාලයේ දී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි.
වෘෂභ ලග්නය
මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගත නොහැකිය.ඥතීන් සමඟ හිතවත්කම් ඉහළ යැමට හේතුවනු ඇත. ගැහැණු දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සුභයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරුවන කාලයකි.ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමිවනු ඇත.
මිථුන ලග්නය
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතු වල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය.රෝහල් ගතවීමේ අවදානමකුත් තියෙනවා. සෙම් රෝග බහුල වන අතර යුගදිවි සමගියට බාධා ඇති වනු ඇත.
කටක ලග්නය
විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාලසීමාව තුළ යම් පමණකට උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැ‚ම හා ඔබ කාර්යබහුල වීමට ඉඩ ඇත. සහෝදරයකුට යම් අපලතාවක්‌ පෙනේ.ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේදොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.
සිංහ ලග්නය
ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනාගැනීමට අවස්‌ථා උදාවනු ඇත.අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍යය තත්ත්වය යහපත්ය.
කන්‍යා ලග්නය
පසුගිය කාලය තුළ අමනාප වූ හිතවතුන් සමඟ නැවත එකතු වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි.කාර්යබහුල කාලයකි.සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සහෝදරයන්ට අසුභ වෙයි.
තුලා ලග්නය
සතුරු කරදරයකින් ජයගත හැකිය.බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැ‚මට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවීතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලද යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. 
වෘශ්චික ලග්නය
ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුඣ්තුද මේ කාලයේ සාර්ථක වේ.එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා.සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
ධනු ලග්නය
සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය.වා,පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත.ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය.පැවති රෝග වලින් සුවය ලැබේ.පැහැපත් වනු ඇත.s රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැයි ජයග්‍රහන හිමිවන කාලයකි.
මකර ලග්නය
කාලයක්‌ පැවති රෝගාබාධවලින් සුවය ලැබෙන කාලයකි.මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. ඉහළ රැකියා හා රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදාවනු ඇත.විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත.සහෝදරයෙකුට ට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
කුම්භ ලග්නය
ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය.පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ.පැවති නඩු හබවලින් පහසුවෙන් ජයගත හැකිය.
මීන ලග්නය
හදිසි ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඔබට ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබෙන කාලයකි.ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත.රෙදිපිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද ලැබීමේ හැකියාව පවතී.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්,මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති,64 නවාංශකාධිපතිගේ තත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname