2017 දෙසැම්බර් 20 සිදුවන සිකුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද - රුක්ෂාන් ජයසේකර how to affect the transition of venus

මේෂ ලග්නය
ආත්ම ගෞරවය රැක ගනී.අධ්‍යාපන කටයුතුවල නියෑලී සිටින අයට ඉතා ශුභයි.කාගෙත් ආදර කරුණාවට ලක්‌වේ. ප්‍රිය පෙනුමක්‌ ගෙන දෙයි. අලංකාරයට,පිරිසිදුකමට සංගීත - චිත්‍ර කර්මාදියට කැමැතියි. ආලය පිළිබඳ සිත් ඇති කර ගනී. උසස්‌ විවාහයක්‌ කර ගනී. විවාහ සහකරු සහකාරිය ප්‍රසිද්ධියට පත්වන අයෙකි.
වෘෂභ ලග්නය
ඉතා ශුභයි. යහපත් පවුල් ජීවිතයක්‌ ගත කරයි. අන්‍යයන්ට උපදෙස්‌ දීමට කැමතියි. නිකරුණේ කාලය කා නොදමයි. තත්ත්වය ගෞරවය රැක ගනී. පුවත්පත් සාහිත්‍ය කලා කටයුතු ප්‍රිය කරයි. විරුද්ධවාදීන් වැඩ ගනී. ඇස්‌වල හා උගුරේ ආබාධ ඇති විය හැකිය. මුදල් ලැබීමේ වාසනාව ඇත.ඇතැම් අවස්‌ථාවල තමාගේ කථාව අන්‍යයන්ට රුස්‌සන්නේ නැත.
මිථුන ලග්නය
මොළය දියුණු වන කටයුතුවල යෙදෙයි.ශාස්‌ත්‍රීය කටයුතු හදාරන අයට යහපත් කාලයකි. ගණිත මිණිත කටයුතුවලින් විශේෂ දක්‍ෂතා ඇති කරයි.පීනස්‌ ආබාධ, ප්‍රතික්‍ෂාව වැළඳෙයි. කාටත් ප්‍රිය උපදවන අයෙකි.තමාගේ කැමැත්ත පරිදි විවාහය කර ගනී. සහකරු සහකාරිය උගත් බුද්ධිමත් අයෙකි. විනෝදයෙන් සතුටින් කාලය ගෙවයි.
කටක ලග්නය
මුදල් අතින් කරදරයි.තමාගේ වැඩ අමතක කර අන් අයගේ වැඩ වලට යොමු වී කරදර ඇති කර ගනී.කලාත්මක කටයුතු ප්‍රිය කරයි.නිතර විනෝදයෙන් කාලය ගත කිරීමට සිත් දෙයි.දුර බැහැර පළාතකට ගොස්‌ කටයුතු කර ගැනීමට සිදුවෙයි. පිට අයගෙන් උදව් උපකාර ලබයි. අසරණ උදවියට පිහිට වෙයි.සමාජ කටයුතුවලින් ප්‍රසිද්ධිය,කීර්තිය ලබයි.
සිංහ ලග්නය
ඉතා ශුභයි. පොත්පත් ශාස්‌ත්‍රීය කටයුඣ්තුවලට ඇලුම් කරයි.ඉගෙන ගන්නා අය උසස්‌ අධ්‍යාපනයට යොමු වේ.ආදායම් තත්ත්වය යහපත් වේ. ආදායම් මාර්ග කීපයක්‌ම ඇති කර ගනී. සාහිත්‍ය අංශයෙන් උසස්‌ තැනක්‌ හිමි වේ. මිත්‍ර ආශ්‍රය වැඩී,ආලය ආශ්‍රය මත විවාහය සිදු වේ. ඇතැම් විට ආලය ප්‍රේමය නිසා සිතට දුක්‌ තැවුල් ඇති වේ. ජනප්‍රියතාවයට පත්වේ.
කන්‍යා ලග්නය
ඔබට යහපත් ය.උසස්‌ රැකියා අවස්‌ථා ඇති වෙයි.ශාස්‌ත්‍රීය අංශයෙන් වඩාත් ප්‍රසිද්ධිය හා ගෞරවය ලබයි.සමාජ සේවා කටයුතුවල යෙදෙයි.කොයි කාටත් හිත මිත්‍ර බවින් යුක්‌තයි. පිරිසිදු චරිතයක්‌ අති කර ගනී.උසස්‌ අයගෙන් උදව් උපකාර ලබයි.අඩුපාඩු අග හිඟකම් නැති කාලයකි. රැකියාවෙන් උසස්‌වීම් හා ප්‍රධානත්වය ලබයි.
තුලා ලග්නය
ඔබට ඉතාමත් යහපත් කාලයකි.ශාස්‌අත්‍රීය වශයෙන් උසස්‌ තත්ත්වයක්‌ හිමිකර ගනී. ග්‍රන්ථකරණය සාහිත්‍යමය කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් වේ.උසස්‌ තනතුරු ලබයි.විදේශ ගමන් බිමන් ඇති වෙයි.තත්ත්වය,ගෞරවය ගැන සැලකිලිමත් වේ.තමාගේ ගුණ යහපත්කම නිසා අන් අයගෙන් ගරු සැලකිලි ලබයි.කොහොම නමුත් ඉතාමත් වාසනාවන්ත කාලයක්‌ වෙයි.
 වෘශ්චික ලග්නය
සිටීම ඔබට එතරම් ශුභදායක නැත.පියාට අපල යෙදිය හැකිය.රැකියා කටයුතුවලට හානි පැමිණෙයි. ශරීර ශක්‌තිය දුර්වලයි.ශාස්‌ත්‍රීය අංශයෙන් උසස්‌ දියුණුවක්‌ ලැබිය හැකිය.රූප ශෝභාව වර්ධනය වෙයි.සැහැල්ලු ජීවිතයක්‌ ප්‍රිය කරයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට බාධක ඇති වේ.හදිසි විවාහයක්‌ සිදුවිය හැකිය
ධනු ලග්නය
දැනුම බුද්ධිය වර්ධනය කර ගනී.විද්‍යා තාක්‍ෂණ ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනීමට දක්‍ෂතා දක්‌වයි. විභාගවලින් ජය ලබයි.රාජ්‍ය අංශයේ රැකියා ලබයි.කතාවෙන් බහෙන් අන් අය නම්මා ගනී. උපක්‍රමශීලීව කටයුතු කරයි.අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථක වේ. කාන්තාවන්ට ගර්භාෂ ගත ආබාධ වැළඳිය හැකිය.ප්‍රසූත දොඅෂ ඇති වේ.
මකර ලග්නය
එතරම් ශුභදායක නොවේ.තම වැඩකටයුතු බොහෝ දුරට අවුල් කර ගනී.පොත්පත්වලට ආශා කරයි.රහසිගත සතුරු කරදර ඇති වෙයි.ශරීරයේ උෂ්ණ ගතිය වැඩිය.ඉදිරි කටයුතුවලට බාධක උදා වේ.ශරීරය දුර්වලයි.උණුකරවා යැම වැනි අසනීප වැළඳෙයි. නොනිසි ප්‍රේම සබඳතා ඇති කර ගනී.සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.
කුම්භ ලග්නය
සිටීම ඔබට ශුභයි.බුද්ධිය වර්ධනය කර ගනී.විවිධ අංශ ගැන සහජ දැනුමක්‌ ලබයි. සාහිත්‍ය කලා කටයුතු ප්‍රිය කරයි.නිල තල රැකියා ලැබීමට භාග්‍යය ඇත.පිරිසිදුකමට අලංකාරයට කැමැතියි. උසස්‌ අධ්‍යාපනයට වරම් ලබයි.දෙමාපිය උරුම හිමිකම් ලබයි. යහපත් විවාහයක්‌ කරගනී.
මීන ලග්නය
නිවසට යහපත්ය.පොත්පත් ශාස්‌ත්‍රීය කටයුතුවලට කැමැත්තක්‌ දක්‌වයි.උසස්‌ පරිසරයක ජීවත්වීමට ලැබේ.දේපළ ඉඩම් ගැන ආශාව වැඩී. ප්‍රධානත්වය ලබයි.ගෘහ ජීවිතය සතුටින් ගෙවයි.වාහන ලාභ නිවාස ලාභ ලබයි.පපුවේ ආබාධ සෙම් රෝග ඇතිවිය හැකිය. අන්‍යයන් තමාගේ අදහස්‌වලට අවනත කරවා ගනී.ඥාතීන් අතර ප්‍රධානියකු වේ.

Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname