2018 ජනවාරි මස 13 සිදුවන ප්‍රබල සිකුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?

මේෂ ලග්නය - 
එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල් වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත.දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්‌ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල් වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය.
වෘෂභ ලග්නය - 
ඔබට මෙම කාලසීමාව යහපත් වනු ඇත. එසේම මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත.බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්යබහුල කාලයකි.සහෝදරයන්ට සුබ වෙයි.කෙටි ගමන් බිමන් නම් අධික වේවි.විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය.
මිථුන ලග්නය- 
ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත.පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය,ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි.තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර 
කටක ලග්නය - 
පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත.පසුගිය දින වල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි.ලාභ ලැබෙයි.උසස්‌ අධ්‍යාපන කටයුතු 
සිංහ ලග්නය - 
ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත.විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහවයනු ඇත.හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත.ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත.සහෝදරයකුට අපලතාවයක්‌ පෙනේ.
කන්‍යා ලග්නය- 
මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි.මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි.විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක්‌ පෙනේ.ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
තුලා ලග්නය - 
සතුරු කරදරයකින් ජයගත හැකිය.බලාපොරොත්තු වූ ණය මුදලක්‌ හා රැකියා අවස්‌ථාවක්‌ ලැබීමටද හැකියාව ඇත.මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ.අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ.ගෘහ ජීවීතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත.ලාභ හිමිවන කාලයකි.
වෘශ්චික ලග්නය-
හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත.ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේ දී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
ධනු ලග්නය - 
ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය.මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්.විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි.
මකර ලග්නය - 
රැකියාවේ උසස්‌වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය.නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා,පිත් සම්බන්ධ රෝගාබාධ ගැනීමට අවස්‌ථා ඇත. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.
කුම්භ ලග්නය- 
මෙම කාලය තුළ ගෘහ ජීවිතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත.ධන ලාභ හිමිවන කාලයකි. මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ. 
මීන ලග්නය - 
පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගතවීමේ අවධානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායක නොවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි.යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමිවන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශවයෙන් දායාද හිමිවනු ඇත.
Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname